කොරෝනා

කොරෝනා වෛරසය ‘සත්‍ය’ මරණ සංඛ්‍යාව 25,000 ද?

බොහෝ විශේෂඥයන් කොරෝනා වෛරසය පැතිරීම පිළිබඳ චීනයේ සංඛ්‍යාලේඛනවල නිරවද්‍යතාවය ගැන ප්‍රශ්න කරන පසුබිමක, ටෙන්සෙන්ට් වෙබ් අඩවිය පසුගිය සති අන්තයේ සත්‍ය වශයෙන්ම ආසාදන හා මරණ සංඛ්‍යාව කුමක් විය හැකිද යන්න තම වෙබ් අඩවියේ තුල ප්‍රකාශයට පත් කළ අතර එම දත්ත නිල සංඛ්‍යා ලේඛනවලට වඩා බොහෝ ඉහළ අගයන් වු බව වාර්ථා විය.

තායිවාන් නිවුස් වාර්තාව පෙන්වා දෙන්නේ සති අන්තයේ දී “වසංගත තත්වය පිළිබද මිනුම්”   ‘Epidemic Situation Tracker’ මගින් කොරොන වයිරස් ආසාදන 154,023 ක් ලෙස ලැයිස්තුගත කර ඇති බවයි. වඩාත් කනස්සල්ලට කරුණ නම්, වෛරසය මරණ 24,589 කට හේතු වී ඇති බව එම අඩවියේ දත්තා පෙන්නුම් කිරීමයි

ටෙන්සෙන්ට්

මෙම දත්ත ප්‍රකාශයට පත් කිරීමෙන් මොහොතකට පසු, ටෙන්සෙන්ට් විසින්  රජයේ “නිල” දත්ත පිළිබිඹු වන පරිදි පිටුව යාවත්කාලීන කරන ලද අතර තායිවාන් ප්‍රවෘත්ති වාර්තාවේ සඳහන් කර ඇති ආකරයට අවම වශයෙන් අවස්ථා තුනකදී මෙලෙස වෙබ් අඩවියේ දත්ත නිළ දත්ත වලට වඩා වෙනස් වී ඇත.

මෙම සිද්ධියයත් සමගම සමහරු අනුමාන කරන්නේ වෙබ් අව්ඩවියේ තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් සැබෑ “අභ්‍යන්තර” දත්ත අහම්බෙන් දිස්වීමට හේතු විය හැකි බවයි. තවත් සමහරු විශ්වාස කරන්නේ තිරය පිටුපස යමෙකු සැබෑ සංඛ්‍යා ලෝකයට හෙළිකිරීමට කිරීමට උත්සාහ කරන බවයි.

කෙසේ වෙතත්, බීජිනය සතුව ඇති “අභ්‍යන්තර” දත්ත මගින් වසංගතයේ සත්‍ය ප්‍රමාණය පිළිබිඹු නොවන බව බොහෝ දෙනා විශ්වාස කරන අතර වුහාන්හි විවිධ මූලාශ්‍රයන්ට අනුව, බොහෝ වෛරස් රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව රෝහල්වලින් පිටත මිය ගොස් ඇත.

පරීක්ෂණ කට්ටලවල දැඩි හිඟයක් ද පවතින බව වාර්තා වන අතර ආසාදන හා මරණය සංඛ්‍යාව කෘතිමව අඩු මට්ටමක තබා ගැනීම සඳහා කොරොන වයිරස් වෙනුවට වෙනත් මරණ වර්ග ලැයිස්තුගත කරන ලෙස වෛද්‍යවරුන්ට නියෝග කර ඇති බවට බොහෝ වාර්තා ඇතිබව වාර්ථා වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *