ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයක් නිරෝධායනයට, සත්කාර සේවාවන් කරගෙන යෑමේ අපහසුතාවක්

කොළඹ ජාතික රෝහලේ වාට්ටු අංක 48 රාජකාරියේ නිරත වන කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සියලුම සේවකයන් නිරෝධායනයට යොමුකර තිබෙන බැවින් එම වාට්ටුවේ රෝගී සත්කාර සේවාවන් කරගෙන යෑමේ දැඩි අපහසුතා මතුව ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හා එම පුද්ගලයා සමග අනෙකුත් සේවකයන් දින කිහිපයක් පුරා විවේකාගාරය තුළ එකට ආහාර ගැනීම නිසා

එම වාට්ටුවේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා නිරෝධායනයට යැවීමට සිදුව ඇත්තේ එම කාර්යමණ්ඩලයේ එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත්, එම ආසාධිතයා සමග සෙසු පිරිස් දින ගණනක් ආශ්‍රිතයන් ලෙස කටයුතු කිරීම නිසා බවත් තොරතුරු වාර්තා වේ.

කණ්ඩායම් ලෙස ආහාර නොගන්නැයි සියලු දෙනා දැනුවත් කරමින් චක්‍රලේඛ පවා නිකුත් කර තිබියදීත් එම සේවකයන්ගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට රෝහල් ප්‍රධානීන්ගේ අවධානය යොමුව ඇති බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *