රහස් පොලිසියේ 19ක් සේවයෙන් ඉවතට, සාමාන්‍ය රාජකාරී වලට මාරු කර යවයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකවල ස්ථානාධිපතිවරුන් 9 දෙනෙකු සමග අතුළුව 19 දෙනෙක් ඊයේ (11) සිට සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කර යවා තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින්.

පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරීන්ට හා නිලධාරිනියන්ට එල්ල වී තිබු චෝදනා සැලකිල්ලට ගෙන වැඩබලන පොලිස්පතිවරයා මෙම මාරුවීම් ලබාදී ඇතැයි බවයි. ඒ අනුව මෙම නිලධාරීන්ගේ සේවය තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනවශ්‍ය බව දන්වමින් ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

මාරුවීම් ලද නිලධාරීන් අතර පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය, රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොහොයුරුගේ විමර්ශන සිදුකළ නිලධාරීහුද වේ. ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම නිලධාරීන් අතර ව්‍යාජ සාක්ෂි සකස් කර විමර්ශන කළ චෝදනාවට ලක් වූ නිලධාරීන්ද සිටින බවයි. ස්ථාන මාරුවීම් ලද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් අතර කාන්තා නිලධාරිනියෝ සිව්දෙනෙක් ද වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *