Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ජාතික රූපවාහිනිය ඡන්ද නීති කඩයි – සජීවි විකාශයේ හදිසියේ නවතයි

ජාතික රූපවාහිනිය ඡන්ද නීති කඩයි – සජීවි විකාශයේ හදිසියේ නවතයි

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ අද (3) පැවැති එක්සත් ජාතික පක්ෂයේ මහා සම්මේලනයේ සජීව විකාශය ජාතික රූපවාහිනිය මගින් විකාශය වෙමින් පැවති අතරවාරයේ හිටිහැටියේ එය අත්හිටුවීමට සිදුව තිබේ. එයට හේතුවී ඇත්තේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද වැඩසටහනක් ලෙස හුවා දැක්වුවද එම වැඩසටහන විකාශය ඇරඹෙනතුරු මුදල් ගෙවා නොතිබීම බව වාර්තා විය.

මැතිවරණ කොමිසන් සභාවෙි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද පෙරවරුවේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙත පැමිණ මෙම  වැඩසටහන ගැන එවෙලේම විමර්ශනයක් කර ගිණුම් නිලධාරීන් කැඳවා  මුදල් ගෙවා ඇති ලේඛන ඉල්ලා ඇති අතර එවැන්නක් තවම නැති බවත් පසුව ගෙවන පදනමින් එය විකාශය කරන බවත් පිළිතුරු ලැබී ඇත.

එය නීතියට පටහැණි බව පෙන්වා දෙමින් වහාම විකාශය නතර කරන්නට මැතිවරණ කොමිසන් සභාවෙි අධ්‍යක්ෂ ජනරාල් නියෝග කර ඇති අතර එයට අවනතවූ නිලධාරීන් එය නවතන්නට කටයුතු කර ඇත.

ඒ අනුව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගේ කතාවක් විකාශය වෙමින් පවතිද්දී එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලන සජීව විකාශය නතරවී තිබේ.
ජාතික රූපවාහිනිය මේ වනවිට පාලනය වන්නේ ජනපති මෛත්‍රිපාල සිරිසේනට අයත් ආරක්ෂක අමාත්‍යංශයෙනි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *