Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

එජාප සම්මේලනයේදී සජිත්ගේ හා රනිල්ගේ තැන් තහවුරු වුණු හැටි

එජාප සම්මේලනයේදී සජිත්ගේ හා රනිල්ගේ තැන් තහවුරු වුණු හැටි

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වයට පත්කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්කළ යෝජනාවකට අද පෙරවරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සම්මේලනයේදී අනුමැතිය හිමි වුණි. සම්මේලනය පැවැත්වුණේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීයි.

එහිදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව සම්මේලනයට යෝජනා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කෙරුණි. එහිදි ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කළේය.

අනතුරුව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සම්මේලනයට තවත් යෝජනා 05ක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත්තේය.
2019 සැප්තැම්බර් 26වන දින කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කරන ලද යොජනා 03ක් වු බලය බෙදා හැරීම, මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ සහ අගමැතිවරයාගේ එකඟතාවය මත ක්‍රියාත්මක වන විධායක ජනාධිපතිධුරය ආදී රජය විසින් ආරම්භ කරන ලද ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ තවදුරටත් ඉදිරියට ගෙනයාමේ යෝජනාවද පක්ෂ සම්මේලනයේදී අනුමත වුණි.
එමෙන්ම පක්ෂ ව්‍යවස්ථාවේ 08.01(අ) වගන්තිය අනුව 2019 ජනවාරි 24වනදා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පක්ෂ නායකධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට ගත් තීරණයද මෙම සම්මේණය විසින් යළි තහවුරු කරීමේ යෝජනාවක් ද සම්මත වුණි.
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නොපැකිළිව ක්‍රියාකළ කථානායක කරූ ජයසුරිය මහතාට ගෞරවයණී ආචාර්ය පුද කළ යුතු බවට යෝජනාවක් ඇතුළු යෝජනා 06ක් පක්ෂ විශේෂ සම්මේලනයේදී අනුමත කෙරිණි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *