Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

‘ජාතික ආණ්ඩුවක්’ සම්බන්ධයෙන් අගමැති මහින්ද ප්‍රතිචාර දක්වයි.

‘ජාතික ආණ්ඩුවක්’ සම්බන්ධයෙන් අගමැති මහින්ද ප්‍රතිචාර දක්වයි.

තමා සිය ධූරයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රටේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට කටයුතු කරන බවට පළවන වාර්තා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කළේය.

අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ තම ධූර කාලය අවසන් වන තුරු ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිගටම කටයුතු කරන බවත් ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයද ජයග්‍රහණය කිරීම තම පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශ්වාස බවයි.

රටේ ප්‍රශ්න තිබුණත් ඒවා කඩිනමින් විසඳීමට රජය කටයුතු කරමින් සිටින බවත්, රජය කෙරෙහි ජනතාවගේ විශ්වාසය නැති වී නැති බවත් ඔහු පැවසීය.

‘මැතිවරණයත් අපි දිනනවා. මට තව කල් තියෙනවා. මම වහාම විශ්‍රාම යන්නේ නැහැ. ජාතික ආණ්‌ඩුවක්‌ ගැන කියන කතා ඔක්කොම බොරු. මට රනිල් හෝ සජිත් සමඟ කිසිම සම්බන්ධයක්‌ නැහැ. ඒ සියල්ල අසත්‍යයි’

විදුලිය, ඉන්ධන සහ ගෑස් හිඟය වැනි වත්මන් ආර්ථික අර්බුද අවසන් වන්නේ කවදාදැයි ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වූයේ රජය මේ සියලු ගැටලු කඩිනමින් විසඳා දෙන බවයි.

එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවටත් ඊයේ දිනයේදී රාවයක් පැතිර ගියේය.

ශ්‍රී ලංකාව පත්වී ඇති අර්බුදය විසඳා ගැනීමට සියලු පක්ෂ එකතු වී රනිල් වික්‍රමසිංහ මහතා එහි ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ජාතික සම්මුතියක් ළඟදීම ඇති වන බවට එජාප මන්ත්‍රී වජිර අබේවර්ධන ඊයේ පස්වරුවේ මාධ්‍ය වෙත ඉඟි පළ කළේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *