LK reports news sinhala

ක්‍රිකට් පිටියෙන් සමුගන්නා සුපිරි තරුව

මෙරට බිහිවු විශිෂ්ට දඟ පන්දු යවන්නකු වන අජන්ත මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර ඇත.

34 හැවිරිදි වියේ පසුවන අජන්ත මෙන්ඩිස් 2008 වර්ෂයේදි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ අතර ඔහු අවසන් වරට ක්‍රීඩා කරනු ලැබුවේ 2015 වසරේදීය.

ටෙස්ට් තරග 19 කදී කඩුලු 70ක් දවා ගෙන ඇති අජන්ත මෙන්ඩිස් අවසන් වරට ටෙස්ට් තරගයක් සදහා ක්‍රිඩා කරනු ලැබුවේ 2014 වසරේදීය.

එක්දින තරග 87කට ක්‍රීඩා කරමින් කඩුලු 152ක් දවාගෙන ඇති ඔහු විස්සයි-20 තරග 39 කදී කඩුලු 66ක් දවා ගැනිමට සමත්ව ඇත. එසේම විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ හොඳම පන්දු යැවීමේ වාර්තාවද තවමත් අජන්ත මෙන්ඩිස් සතුය. ඒ 2012 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී ලකුණු 8කට කඩුලු 6ක් දවාගනිමින් පිහිටවූ ලෝක වාර්තාවය.

2015න් පසුව ඔහුට ජාත්‍යන්තර තරග සඳහා එක්වීමට අවස්ථාවක් හිමි නොවීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *