ජනපතිගේ ප්‍රකාශයෙන් පැහැදිලිවන්නේ අගමැති අයියා සමග වැඩකළ නොහැකි බවයි – බිමල්

වත්මන් ආණ්ඩුවේ පළමු දින 100 අසාර්ථක වූයේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කරන බවත් එම ප්‍රකාශවලින් කියැවෙන්නේ අගමැතිවරයා සමග වැඩ කිරීමට නොහැකි බවත් යැයිද ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනාධිපතිවරයා සතුව තිබූ බලතල ප්‍රමාණයක් අගමැතිවරයා යටතට හා ස්වාධීන කොමිෂන් සභාවෙත පැවරූ බවත් මේ නිසා 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා වැඩ කිරීමට නොහැකි වී තිබෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කරමින් තිබෙන බවත් ඒ තුළින් පැහැදිලි වන්නේ අයියා සමග වැඩ කිරීමට නොහැකිද යන්න බවද ඊ්යේ (08) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී බිමල් රත්නායක මහතා පැවසීය.

එමෙන්ම උපාධිධාරීන්ට රැකියා ලබාදීම හා රැකියා ලක්ෂයේ වැඩ පිළිවෙල අසාර්ථක වී තිබෙන බවත් රැකියා ලක්ෂයේ වැඩපිළිවෙලෙහි සම්මුඛ පරීක්ෂණ කටයුතු ජංජාලයක් බවට පත්ව තිබෙන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *