ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සිරකරුවන්ටත් ලබාදෙන්න – කැෆේ සහ මානව හිමිකම් කේන්ද්‍රය ඉල්ලයි

ඉදිරි මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සිරකරුවන්ට ලබා දෙන්නැයි කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කෙමිසම සහ මැතිවරණ කොමිසම වෙත ලිපියක් යෙමු කර තිබේ.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මහතා සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය විසින් මෙම ලිපි යොමු කර තිබේ.

සිරගතවීම පදනම් කර ගනිමින් කිසිදු අයුරකින් පුරවැසියකුගේ ඡන්ද අයිතිය අහෝසි කළ නොහැකි බවත් එය බරපතල ලෙස මානව අයිතිවාසිකම් කඩ කිරීමක් බව එම ලිපිය මඟින් පෙන්වා දි ඇති අතර බෙහෝ රටවල සිරකරුවන්ට ඡන්ද අයිතිය ලබාදී ඇති බව ද එවැනි ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේද අනුගමනය කළ යුතුව ඇති බවටත් අදාල ලිපිය මඟින් යෝජනා කර තිබේ.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර වලට සිටින සිරකරුවන් ප්‍රමාණය 25,000 කට අධික බවත්, ඒ අතරින් ඡන්ද අයිතිය ඇති පිරිසට ඡන්අද අයිතිය අහිමි වී ඇති බවටත් එහි සඳහන් වෙන අතර අදාල බන්ධනාගාර තුළ ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවා ඡන්දය ප්‍රකාශ කිරීමෙ අවස්ථාව ඔවුන් වෙත ලබාදිය හැකි බවද වැඩිදුරටත් සදහන් කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *