චෝදනා ලැබූ සිව් දෙනා ශ්‍රීලනිප විනය කමිටුව හමුවට නොපැමිණේ

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විනය කමිටුව පක්‍ෂ මූලස්ථානයේදී අද රැස් වුණා. කෙසේවෙතත් එම කමිටුව හමුවේ පෙනී සිටින ලෙස කැදවීම් ලැබ සිටි රාජ්‍ය අමාත්‍යවරුන් වන එස් බී දිසානායක, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන සහ ඩිලාන් පෙරේරා හා විජිත් විජයමුණි ද සොයිසා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද දින යේ කමිටුව හමුවට නොපැමිණි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පවසයි.

විවිධ හේතූන් නිසා අද දිනයේ පැමිණීමට නොහැකි බැවින් වෙනත් දිනයක් ලබා දෙන ලෙස ද ඔවුන් විනය කමිටුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම සිව් දෙනා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් කටයුතු කර ඇති බවට චෝදනා කරමින් ඔවුන්ට එරෙහිව මෙලෙස විනය පරීක්‍ෂණයක් කැදවීමට එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ඉකුත්දා තීරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *