Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

චීන ජාතිකයින් විසින් පවත්වාගෙන ගිය ඔන්ලයින් ජාවාරම් රැල්ලක් ශ්‍රී ලංකාවේ- 134ක් අත්අඩංගුවට

චීන ජාතිකයින් විසින් පවත්වාගෙන ගිය ඔන්ලයින් ජාවාරම් රැල්ලක් ශ්‍රී ලංකාවේ- 134ක් අත්අඩංගුවට

සංවිධානාත්මක අන්තර්ජාල වංචා ජාලයක් ඉලක්ක කර ගනිමින් සිදුකළ මහා පරිමාණ මෙහෙයුමකින් අනුරාධපුර සහ මිහින්තලේ ප්‍රදේශවලදී විදේශිකයින් 134 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැටලීම සිදු කර ඇත. සැකකරුවන් නවාතැන් ගෙන සිටි ප්‍රදේශ දෙකේ ලැගුම්හල් පහක නිලධාරීන් සම්බන්ධීකරණ පරීක්‍ෂණ පැවැත්වීය.

අත්අඩංගුවට ගත් පිරිස අතර චීන ජාතිකයින් 126 දෙනෙකු, මියන්මාර ජාතිකයින් 4 දෙනෙකු සහ තායිවාන ජාතිකයින් සිව් දෙනෙකු වන අතර, ඔවුන් එම ස්ථානවල සිට ක්‍රියාත්මක වන මාර්ගගත වංචා ක්‍රියාකාරකම්වල නිරත වූ බව කියනු ලැබේ.

මෙහෙයුම සඳහා භාවිත කළ බවට සැලකෙන ලැප්ටොප්, ජංගම දුරකථන ඇතුළු තාක්ෂණික උපකරණ විශාල ප්‍රමාණයක් ද බලධාරීන් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ අත්අඩංගුවට ගත් භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කර ඇත. වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *