චීන ජනාධිපතිවරයා ඉතිහාසගත වෙයි

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ඉතිහාසගත යෝජනාවලියක් සම්මත කර ගෙන ඇති බව වාර්තා විය.

එමගින් වර්තමාන චීන ජනාධිපති ෂී ජින් පින්ග් ගේ ස්ථානය එරට දේශපාලන ඉතිහාසයේ නොමැකෙන නමක් බවට පත්වන බව සඳහන් වෙයි.

එම ලේඛනය මගින් පක්ෂයේ වසර 100ක ඉතිහාසය ගැන කෙටියෙන් විස්තර කර තිබේ. එසේම පක්ෂයේ සුවිශේෂ ජයග්‍රහණ සම්බන්ධයෙන් සහ එහි අනාගත දැක්ම ඉන් විදහා දක්වා තිබුණි.

චීන කොමියුනිස්ට් පක්ෂය ආරම්භයෙන් අනතුරුව මෙවැනි යෝජනාවලියක් මීට පෙර සම්මතකර ගෙන තිබුණේ දෙවරක් පමණි. ඒ, 1945දී මාවෝ සේතුං විසින් සහ 1981 දී ඩෙන් ෂියාඕපින් විසිනි.

විදෙස් වාර්තා සඳහන් කළේ චීන ජනාධිපතිවරයා සුවිශේෂ ස්ථානයකට ඔසවා තබන එම යෝජනාවලිය පක්ෂයේ දේශපාලන රැස්වීමකදී සම්මත වූ බවය.

එසේම එමගින් වර්තමාන ජනපතිවරයාව මාවෝ සේතුං සහ ඩෙන් ෂියාඕපින් හා සමාන කර ඇති බවත් විදෙස් මාධ්‍ය පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂය 1921දී ආරම්භකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *