ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ නව පත්වීම් ලද ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෆු ෂියාඕ මහතා ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්ත (විශ්‍රාමික) හමුවිය.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්වීපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව සහ ඒ ආශ්‍රිත කටයුතු ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව නිලධාරීන් දෙදෙනා සුහදව සාකච්ඡා කළහ.
මෙම හමුව සඳහා චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශකවරයා සහ නාවික හමුදා උපදේශකවරයා ද එක්ව සිටියහ.


