චීනයේ සිරගතවී සිටි තායිවාන ව්‍යාපාරිකයා ට නිදහස

ඔත්තු බැලීමේ චෝදනා මත චීනයේ සිරගතවී සිටි තායිවාන ජාතික ව්‍යාපාරිකයෙකුට දින 1,400කට පසුව නිදහස හිමිවී තිබේ.

ඒ අනුව ඔහු බීජිං ගුවන්තොටුපොලේ සිට සිය රට බලා පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලී මින්ග් නම් මෙම තායිවාන ව්‍යාපාරිකයා සිය ව්‍යාපාරික කටයුතු සඳහා චීනයට පැමිණ තිබු අතර 2019 වසරේ ෂෙන්ෂෙන් ප්‍රදේශයේදී පොලිස් නිලධාරින්ගේ ඡායාරූප ලබාගත් බවටවූ චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔත්තු බැලීම හා රාජ්‍ය රහස් සොරකම් කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් ඔහුව පසුව බන්ධනාගාරගත කර තිබූ බව සඳහන් විය.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ තායිවාන ව්‍යාපාරිකයින් දහස් ගණනක් චීනයේ ව්‍යාපාර කටයුතුවල නිරතවී සිටින බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *