LK reports news sinhala

ගෝඨාභයට එරෙහිව යටිකූට්ටු වැඩක් – මේජර් අජිත් ප්‍රසන්න හෙළි කරයි

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් ඇතැයි විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා චෝදනා කරයි.

අද (15) කොළඹ පැවති ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාවේ හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

නඩු කිහිපයකට අදාළව  බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඔවුන් රජයේ සාක්ෂිකරුවන් බවට පත් කර ගෝඨාභය රාජපක්ෂ මහතා සිර ගත කිරීමට කටයුතු සිදු කරමින් සිටින බව අජිත් ප්‍රසන්න මහතා අනාවරණය කළේය.

ගෝඨාභය මහතා රිමාන්ඩ් කිරීමට තමන්ට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානී ශානි අබේසේකර විසින් එහි එක්නැලිගොඩ පැහැරගැනීමේ සිද්ධියේ සිව්වැනි සැකකරු වන කෝප්‍රල් රූපසේනගේ බිරිඳට ප්‍රකාශ කර ඇති බව ද ඔහු අනාවරණය කළේය.

මේ වන විට ශානි අබේසේකර හා නිශාන්ත සිල්වා ඕස්ට්‍රේලියාවට යාමට ලේඛන සියල්ල සකස් කර අවසන් බවත් ආණ්ඩුව මාරු වුවහොත් තමන්ට විරුද්ධව සාක්ෂි ඇති බවට ඇති බිය ඊට හේතුව බවත් විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා චෝදනා කළේය.

(උපුටා ගැනීම – අද දෙරණ / Image – Sri Lanka mirror)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *