2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ රිට් පෙත්සම ඊයේ අභියාචනාධිකරණය විසින් අදට කල් තැබීය.
පෙත්සම ඊයේ පස්වරු 1.30 ට සහය සඳහා කැඳවීමට නියමිතව තිබුණද, අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නිසි ලෙස පිහිටුවා නොමැති බැවින් එය අදට කල් තබන ලදී.


