ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගන්න – නීතිපති කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කරයි

වැඩ තහනම් කර ඇති ඇඹීලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා ගන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාට නියෝග කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කර සිටියා.

රන්ජන් රාමනායක මහතා සමග ඇඹීලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සාවද්‍ය සාක්ෂි සෑදීම සඳහා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් කරුණු ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නැයි නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාට නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *