ගිනි අවි,උණ්ඩ,කුඩු සමග හතරක් සැකපිට

ටි 56 යක් , රිවෝල්වර ගිනි අවියක් , ජිව උණ්ඩ සහ හොරයින් මත්කුඩු තොගයක් සමග සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සමීපතම ගෝලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව මෝදර පොලිසිය කියයි.

එම සැකකරුවන් අතර එකම පවුලේ සහෝදරයන් දෙදෙනකුද වන බව පොලිසිය කියයි.

සැකකරුවන් සමග ටි 56 ගිනි අවියක් , විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් , ටි 56 මැගසින් 2 ක් ටි 56 ජීව උණ්ඩ 265 ක් , නයින් එම් එම් උන්ඩ 23 ක් , යතුරු පැදි 2 ක් , හොරයින් ගෑම් 67 මිලිගෑම් 400 ක් කේරළ ගංජා කිලෝ ගෑම් 1 ක් හා ත්‍රිරෝද රථයක් පොලිසිය භාරයට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පුද්ගලයන් දෙදෙනෙකු තීරෝද රථයකින් මෝදර වෙරළ තීරයේ විදුහලක් පිටුපස මුහුදට අපද්‍රව්‍ය ගලා යන බටයක් අසල ලදු කැලෑවකට පැමිණෙන බවට මෝදර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් දර්ශන මහතාට ලද තොරතුරකට අනුව ඒ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පැය කීපයක් තිස්සේ එම කැලෑව ආසන්නයේ සැඟවී සිට ත්‍රී රෝද රථයක පැමිණ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙම ගිනි අවි සහ ජීව උණ්ඩ තොගය ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *