Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

ගැඹුරු මුහුදේදී අත් අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය හා යාත්‍රා දික්ඕවිට ධීවර වරායට

ගැඹුරු මුහුදේදී අත් අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය හා යාත්‍රා දික්ඕවිට ධීවර වරායට

ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවන් යොදවා ශ්‍රි ලංකාවේ සිට නාවික සැතපුම් 600 හෙවත් කි.මී. 1111ක් පමණ දුරකදී සිදුකල සාර්ථක මෙහෙයුමකින් අනතුරුව අත් අඩංගුවට ගන්නා ලද කෝටි 600කට ආසන්න මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ යාත්‍රාවන් ඊයේ (05) දික්ඕවිට ධීවර වරායට රැගෙන එන ලදි.

පොලී‍ස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද බුද්ධිමය තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවන් දෙකක් මගින් මසකට ආසන්න දීර්ඝ මෙහෙයුමක යොදවන ලද අතර, මෙහිදී ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු සීමාවේදී හෙරෝයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ක්‍රි.ග්‍රෑ. 75 ට ආසන්න ප්‍රමාණයකුත් අයිස් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ක්‍රි.ග්‍රෑ 66 කට ආසන්න ප්‍රමාණයකුත් ප්‍රවාහනය කරමින් තිබූ ශ්‍රි ලාංකික ධිවර යාත්‍රා දෙකක් සහ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

වැඩිදුර විමර්ෂණයේදී ශ්‍රී ලංකාවෙන් බහුදින ධීවර කටයුතු කරන මුවාවෙන් පිටත්වූ ධිවර යාත්‍රාවන් හට මත්ද්‍රව්‍ය ලබාදීමට ගැඹුරු මුහුදේ රැදීසිටි ධජ හිමි රාජ්‍ය (Flag State) රහිත යාත්‍රාවක් ප්‍රථමයෙන් අත්අඩංගුවට ගන්නා ලද අතර, පසුව එහිදී ලබාගත් තොරතුරු මත එලෙසම ගැඹූරු මුහුදේ රැදී සිටි තවත් එවැනිම ධජ හිමි රාජ්‍ය (Flag State) රහිත මුහුදු යාත්‍රාවක් දින 04 ක දීර්ඝ මෙහෙයුමක් අතරතුර අත්අඩංගුවට ගැනීමට හැකිවිය. එහිදී සිදුකල පරීක්‍ෂාවේදී එම යාත්‍රා තුල තිබී හෙරෝයින් බවට සැක කෙරෙන තවත් මත්ද්‍රව්‍ය පැකට් 329 ක ප්‍රමාණයකුත් අයිස් බවට සැකකෙරෙන තවත් මත්ද්‍රව්‍ය පැකට් 50ක ප්‍රමාණයකුත් සොයා ගන්නා ලදි.

ඒ අනුව මෙම සමස්ත මෙහෙයුමේදී පැකට් 397 ක් තුල අසුරා තිබූ හෙරෝයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ක්‍රි.ග්‍රෑ.400 ක පමණ ප්‍රමාණයක්ද පැකට්100 තුල අසුරා තිබූ අයිස් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ක්‍රි.ග්‍රෑ.100 පමණ ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි විය. මෙය මෙතෙක් මුහුදේදී සිදුකරන ලද මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් ඉහළම මත්ද්‍රව්‍ය ප්‍රමාණය වන අතර, එලෙස අත් අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය සැකකරුවන් සහ යාත්‍රාවන් දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදි.

මේ අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතා ඇතුළු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් පැමිණ සිටි අතර, මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් යාත්‍රාව, සැකකරුවන් 21 දෙනා සහ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණය සහ ඉදිරි නීතිමය කටයුතු පොලිස් මත්ද්‍රව්‍යය නාශක කාර්යාංශය මඟින් සිදු කිරීමට නියමිතව ඇත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *