Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
විශේෂාංග

ගමන් බිමන් අඩු කළොත් දේශගුණ විපර්යාස අඩු වෙනවාලු

ගමන් බිමන් අඩු කළොත් දේශගුණ විපර්යාස අඩු වෙනවාලු

අප ගමන් බිමන් යන අන්දම වෙනස් කිරීමෙන් දේශගුණයට බලපෑම් ඇතිකරන විමෝචන අඩු කළ හැකිය. වාහනයක් පදවාගෙන යනවාට වඩා පාපැදියකින් නැතිනම් පයින්ම ගමන් කිරීම, ගුවනින් යනවාට වඩා රේල්ලුවෙන් යාම, මෝටර් රියක් භාවිත කරන්න ඕනෑම නම් විදුලි බලයෙන් ක්‍රියා කරන  රියක් යොදා ගැනීම එසේ විමෝචන අඩුකරන බව කියයි.

නමුත් යුරෝපා සංගමයේ ආයතනයක් යෝජනා කර සිටින්නේ වඩාත් මතභේදාත්මක විසඳුමකි. එනම් දේශගුණ විපර්යාසයන්ට තුඩු දෙන විමෝචන නතර කිරීමට ගමන් බිමන් අඩු කළ යුතුය යන්නයි.

2011 සිට යුරෝපා සංගමයේ ස්ථාවරය වූයේ ”සංචලනය පාලනය කිරිම හොඳ විකල්පයක් නොවෙයි” යන්නය. යුරෝපා සංගමයේ ජාතික විද්‍යා විද්වත් පර්ෂද නියෝජනය කරන යුරෝපීය විද්වත් පර්ෂද විද්‍යා උපදේශක සභාව (European Academies’ Science Advisory Council) (EASAC) ප්‍රවාහනයෙන් සිදුවන විමෝචන ගැන වැදගත් වාර්තාවක් පසුගිය මාර්තු මාසයේ දී පල කෙරිණි. යුරෝපා සංගමයේ ස්ථාවරය ආපස්සට හැරවිය යුතු යයි වාර්තාව මගින් ප්‍රබල ඉල්ලිමක් කර තිබුණි.

අඩුම තරමින් මේ ගැන සංවාදය ආරම්භ කිරිමට දැන් කාලය එළඹ ඇත. එක්සත් රාජධානියේ වැඩියෙන්ම හරිතාගාර විමෝචන සිදුකරන මූලය ලෙස 2016 වසරේ දී ප්‍රවාහන අංශය බලශක්ති අංශය පරයමින් ඉදිරියට ආවේය. 2020 වනවිට යුරෝපා සංගමයේ අනෙකුත් රටවල් ද මේ සැතැපුම් කණුව කරා ළං වෙතැයි සිතිය හැක.

(ෆොසිල ඉන්ධන භාවිත කරන වාහන වෙනුවට) ඉතා ශීඝ්‍රයෙන් විදුලි  රිය වෙත මාරු වීම පවා පැරිස් දේශගුණ සම්මුතියේ ඉලක්ක සපුරා ගැනීම පිණිස ප්‍රමාණවත් නොවන බව එන්ට එන්ටම පැහැදිලි වෙයි. පූර්ව කාර්මික විප්ලව මට්ටම් වලට වඩා ගෝලීය උණුසුම්වීම සෙන්ටිග්‍රේඩ් අංශක 2 කට සීමා කිරීමට පැරිස් සම්මුතියෙන් යෝජනා විණි. “අපි හරි දේවල් ඔක්කෝම කරා වුනත් ඉලක්ක — විශේෂයෙන්ම භාණ්ඩ ප්‍රවාහන අංශයේ ඉලක්ක සපුරා ගැනීමට හැකියාවක් ඇතැයි පෙනෙන්නට නැහැ” යනුවෙන් යුරෝපීය විද්වත් පර්ෂද විද්‍යා උපදේශක සභාවේ  හදිසි අවස්ථා අධ්‍යක්ෂ විලියම් ගිලට් පවසයි.

යුරෝපා සංගමයේ රටවල් ගතහොත් ප්‍රවාහන අංශයේ විමෝචනවලින් හතරෙන් තුනක්ම හට ගන්නේ මෝටර් රිය, බස් සහ(භාණ්ඩ ප්‍රවාහනය කරන) බර වාහනවලිනි. මෙම අංශය විදුලි රිය  භාවිතය දිරිගන්වන අතර ඒවායේ මිළ ද  එන්න එන්නම අඩුවන නමුත් 2017 යුරෝපා සංගමයේ නව කාර් අලෙවියෙන් ඒවා හුදෙක් සියයට 1.5ක් පමණක් විය.

“බොහොම පැහැදිලි පණිවුඩයක් මෙතන තියෙනවා. අපි පැරිස් ඉලක්ක ගැන බරපතල ලෙස කල්පනා කරනවා නම් ප්‍රවාහනය සඳහා ඇති ඉල්ලුම ද අඩුකර ගන්න ඕනෑ.” යයි  එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් හී දේශගුණ විපර්යාස පිළිබඳ ටින්ඩෝල් කේන්ද්‍රයේ කෙවින් ඇන්ඩර්සන් කියා සිටියි.

ඒත් ඉතින් එය සිදුකරන්නේ කෙලෙසද? වාහනවල යාම හවුලේ සිදුකිරීම් සඳහා ඇති (ජංගම දුරකතන) ‘ඇප්‘ උපකාරී වන බව පෙන්වාදෙන ඇන්ඩර්සන් කෙටි ගමන් සඳහා විදුලි යතුරු පැදි භාවිතයෙන් විශාල වෙනසක් ඇති කිරීමට සමත් වෙතැයි විශ්වාස කරයි.

හුදෙක් ප්‍රවාහනය මත බදු වර්ග පැනවීමම එතරම් ඵලදායී නොවන බව පෙන්වාදෙන ගිලට් විශ්වාස කරන අන්දමට  අපට  අවශ්‍යව ඇත්තේ ව්‍යාපාර සහ ආර්ථික වර්ධනයට හානි පමුණුවන්නේ නැති අදහස්ය .  “විදුලි කාර් නිසාවෙන් ඇතිවන කාබන් පා සටහන අඩුකරගන්න පුළුවන් ඒවයේ බැටරි, ෆොසිල ඉන්ධන වැඩියෙන් දවමින් ආසියාකරයෙන් ගෙන්වනවාට වඩා යුරෝපයේ රටවලම තැනීමෙන්”ඔහු පෙන්වාදෙයි.

කාබන් වැය කිරිම සඳහා පෞද්ගලික සලාකයක් හෙවත් කෝටාවක් ලබාදීමත්  සලකා බැලිය යුතු අදහසක් බව ඔක්ස්ෆර්ඩ් සරසවියේ පරිසර විපර්යාස ආයතනයේ ටීනා ෆෝසෙට් පවසයි.

එක් එක් පුද්ගලයා සඳහා ගමනාගමනයේ දී වෙන වෙනම සීමා පැනවීම,  ගැටලුව විසඳීම සඳහා සාධාරණතම ක්‍රමය විය හැකිය. මන්ද, වැඩියෙන්ම පොහොසත් අය වැඩියෙන්ම ගමන් බිමන් යමින් වැඩියෙන්ම විමෝචනවලට මගපාදන බැවිනි.

කෙසේ වෙතත් දේශපාලකයන් මුහුණපාන අභියෝග නිසා, ගමනාගමනය සීමා කිරීමේ යෝජනා ඉක්මණින් ක්‍රියාවට නැංවේ යයි සිතීම අසීරුය. දේශගුණ විපර්යාසයන් සම්බ්න්ධයෙන් ක්‍රියා කරන්නැයි ඉල්ලමින් පසුගිය මාර්තු 16 දා පැරීසියේ දී පුද්ගලයන් දස දහස් ගණනකගේ සහභාගිත්වයෙන් දැවැන්ත විරෝධතාවක් පැවැත්විණ. එහෙත් ඒ සති අන්තයේ ජාතික මාධ්‍යවල වැඩි ප්‍රවෘත්ති ආවරණය හිමිවූයේ, කාබන් විමෝචන අඩු කිරිමේ අරමුණින් ප්‍රංශ රජය ඉදිරිපත් කළ යෝජනාවට එරෙහිව  මාස ගණන් පවතින විරෝධතාවයටය.

New Scientist (International edition, March30th, 2019) හි පළවූ We must travel less to stop climate change යන ලිපිය ඇසුරෙනි

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *