ගංජා සමඟ ඉහළ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට…

මොණරාගල කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු ගංජා පැල තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන් විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සතුව ගංජා පැල 350ක් තිබී හමුවූ බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) කණ්ඩායමක් යොදවා ඇති බවද ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *