කෞතුකාගාර තාවකාලිකව වසා දැමීමට පියවර

මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ඇති දිවයිනේ සියලුම කෞතුකාගාර නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබේ.

සීගිරිය, පොළොන්නරුව, ගාල්ල, කතරගම, සහ මහනුවර පිහිටුවා ඇති කෞතුකාගාර ඒ අනුව වසා දැමෙනු ඇත. මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරන්නේ රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එම තීරණය ගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *