Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

කෝවිඩ් 19 වෛරසය වැලදී සුව වූ අයට යළිත් එම වෛරසය අසාධනය වීමෙන් බරපතල තත්වයක්.

කෝවිඩ් 19 වෛරසය වැලදී සුව වූ අයට යළිත් එම වෛරසය අසාධනය වීමෙන් බරපතල තත්වයක්.

චීනයෙන් ව්‍යාප්ත වූ කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේවනවිට ඉතා බැරෑරුම් හා භයානක අතකට යොමුවී තිබෙනවා. ඒ, වෛරසය ආසාධනය වී සුවය ලැබූ පුද්ගලයින් හට යළිත් එම වෛරසය ආසාධනය වීමේ සිද්ධීන් වාර්තා වීමත් සමගයි. මෙම සිදුවීම් චීනයෙන් හා ජපානයෙන් වාර්තා වෙනවා.

චීනයේ ගුවැන්ග්ඩොන් ප්‍රදේශයේ කොරෝනා ආසාදනය වූ පුද්ගලයින්ගෙන් සියයට 14 ක් පමණ රෝගීන් පිරිසක් වෛරසය වැළඳී සුවය ලැබූ පසු යළිත් වෛරසයට ගොදුරු වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ. එමෙන්ම නව කොරෝනා වෛරසය ආසාදනය වී සුව වූ කාන්තාවකට යළිත් වරක් වෛරසය ආසාදනයවීමේ පුවතක් ජපානයෙන් ද අද වාර්තා වනවා. මෙලෙස දෙවන වරටත් නව කොරෝනා වෛරසයට ගොදුරු වී තිබුණේ 40 හැවිරිදි සංචාරක මගපෙන්වන්නියක්. ඇයට කොරෝනා වෛරසය ආසාධනය වී රෝහල්ගතව සිට ඇති අතර සුවය ලබා පැමිණීමෙන් අනතුරුව සති 02 කින් දෙවන වරටත් වෛරසය ආසාධනය වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර රටතුළ පවතින තත්ත්වය හමුවේ සියලු පාසල් වසා දැමීමට ජපන් අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ තීරණය කර තිබෙනවා. ඒ අනුව ජපානයේ සියලු පාසල් මාර්තු මස අගවන තෙක් වසා තැබෙනු ඇති.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *