Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

“කෝටි 243 ක ගනුදෙනුවට විරුද්ධ වුණාට මාව අයින් කලා” – හිටපු ලේකම් නිමල් බෝපගේ

“කෝටි 243 ක ගනුදෙනුවට විරුද්ධ වුණාට මාව අයින් කලා” – හිටපු ලේකම් නිමල් බෝපගේ

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 58 දෙනෙකුට අධිසුඛෝපභෝගී වාහන 58ක් පෞද්ගලික සමාගමක් මගින් කුලී පදනමට ලබා ගැනීමට ආණ්ඩුව ගත් උත්සාහයට විරුද්ධ වීමෙන් තමාව පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරයෙන් ඉවත් කළ බව එම අමාත්‍යංශයේ හිටපු ලේකම් නිමල් බෝපගේ මහතා පවසයි.

කැබිනට් තීරණයකට විරුද්ධ වීමට අමාත්‍යංශ ලේකම්වරයකුට නෛතික බලයක් නොමැති වුවත් එකී ගනුදෙනුව ගැන තමන් නිරික්ෂණය කළ අතිශය දූෂිත අරමුණ හා ක‍්‍රමවේදය තමන් විරුද්ධ වූ බැවින් හා එය ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලියට සම්පූර්ණයෙන්ම පටහැනි වූ බැවින් තමන් ඊට විරුද්ධ වූ බව ද ඔහු පවසයි.

රුපියල් කෝටි 243 ක් වටිනා එම ගනුදෙනුව නීතිවිරෝධී බව පෙන්වා දෙමින් තමන් එය අත්සන් කිරීම ප‍්‍රතික්ෂේප කළ අවස්ථාවේදී අගමැතිවරයාගෙන් සහ මුදල් අමාත්‍යවරයාගෙන් තමන් වෙත බරපතල පීඩනයක් එල්ල වූ නමුත් තමන් සිටි ස්ථාවරය වෙනස් නොකළ බවත් ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියයි.

මේ නිසා එවකට සිටි අගමැතිවරයා තමන් කැඳවා “Sign or  Resign” යනුවෙන් තර්ජනය කළ බව ද එකී තර්ජනයකට ද තමන් කීකරු නොවූ බැවින් හා එවකට එම සිද්ධියට ලැබුණු පුළුල් ප‍්‍රචාරය හමුවේ යහපාලනයේ පිරිහීම ඇරඹුණු බැවින් ද ජනාධිපතිවරයා ඒ ගැන සෙවීමට සිව්පුද්ගල කමිටුවක් පත් කර එතෙක් එය ක‍්‍රියාත්මක කිරීම අත්හිටවූ බවත් ඔහු පෙන්වා දෙයි.

අවසානයේ තමන් අමාත්‍යංශ ලේකම් ධූරයෙන් ඉවත් කිරීම සඳහා තම අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යංශය හා එක් කර මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට එහි ලේකම් තනතුර පවරා තමන්ට තනතුර අහිමි කළේ යැයි ද එසේවුවද තමන්ට තනතුර අහිමි වෙද්දී රටට රුපියල් කෝටි 243 ක් ඉතිරි කළ හැකිවීම පිළිබඳව තමන් සතුටු වන බව ද එහි සඳහන් වේ.

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *