Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

කොළඹ මැරතන් 2026 හේතුවෙන් ඉරිදා කොළඹ මාර්ග කිහිපයක රථවාහන සීමා

කොළඹ මැරතන් 2026 හේතුවෙන් ඉරිදා කොළඹ මාර්ග කිහිපයක රථවාහන සීමා

“කොළඹ මැරතන් 2026” ජාත්‍යන්තර මැරතන් තරගය හේතුවෙන් ඉරිදා (13) කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන තිබේ.

ඒ අනුව පෙරවරු 6.00 සිට මැරතන් තරගයේ ගමන් මාර්ගයට අයත් මාර්ග කිහිපයක රථවාහන සීමා කිරීම් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

පොලිසිය පැවසුවේ මැරතන් තරගය පෙරවරු 6.00ට ජාතික ක්‍රීඩා අධිකාරියේ (NSA) පරිශ්‍රයෙන් ආරම්භ වී කොල්ලුපිටිය සහ මැරීන් ඩ්‍රයිව් ඔස්සේ ගාලු මුවදොර දෙසට ගමන් කිරීමට නියමිත බවයි.

තරගයේ ගමන් මාර්ගයට අයත් මාර්ගවල පෙරවරු 6.00 සිට පෙරවරු 10.00 දක්වා රථවාහන සීමා කිරීම් ක්‍රියාත්මක වන බැවින්, රථවාහන පොලිස් නිලධාරීන් ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරන ලෙස රියැදුරන්ගෙන් පොලිසිය ඉල්ලා සිටී.

මැරීන් ඩ්‍රයිව් ඔස්සේ කොළඹ දෙසට ධාවනය වන වාහන කොල්ලුපිටිය මංසන්ධියේදී වෙනත් මාර්ගයකට යොමු කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කළේය.

එමෙන්ම දෙහිවල, ගල්කිස්ස සහ අනෙකුත් ප්‍රදේශවල සිට කොළඹ දෙසට ගමන් කරන රියැදුරන්ටද විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුම් දී තිබේ.

ඒ සඳහා M.O.D. මංසන්ධිය, කොම්පඤ්ඤවීදිය, වැලිකඩ සහ බොරැල්ල හරහා ඇති මාර්ග ඇතුළු විකල්ප මාර්ග භාවිත කළ හැකි බව පොලිසිය පවසයි.

තරගය පැවැත්වෙන කාලය තුළ රථවාහන පාලනය සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසද රියැදුරන්ගෙන් සහ මහජනතාවගෙන් පොලිසිය ඉල්ලා සිටී.

මැරතන් තරගයේ ආරක්ෂාව සහ රථවාහන පාලන කටයුතු සඳහා යතුරුපැදි 175ත් 177ත් අතර සංඛ්‍යාවක් යෙදවීමට නියම

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *