“කොළඹ-මාලේ” චිත්‍ර ප්‍රදර්ශනය මාලේදී ඇරඹේ: ශ්‍රී ලංකා සහ මාලදිවයින් කලාකරුවන්ගේ නිර්මාණ එකම වේදිකාවක

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර කලාත්මක සහයෝගීතාව පිළිබිඹු කරමින් “කොළඹ-මාලේ” සමකාලීන චිත්‍ර ප්‍රදර්ශනය සැප්තැම්බර් 10 වැනිදා මාලදිවයින් ජාතික කලාගාරයේදී ආරම්භ වී තිබේ.

සැප්තැම්බර් 17 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට දෙරටේ ප්‍රමුඛ පෙළේ කලාකරුවන්ගේ නිර්මාණ එක්කර ඇති අතර, විවිධ කලා ශෛලීන්, තේමා සහ දෘශ්‍ය ප්‍රකාශන රැසක් රසිකයන්ට දැකගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

ප්‍රකට මාලදිවයින් චිත්‍ර ශිල්පී හුසේන් අලි මනික් මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර ඇති අතර, ඒ සඳහා මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ මාලදිවයින් ජාතික කලාගාරය සහයෝගය ලබාදී තිබේ.

ප්‍රදර්ශනයේදී ශ්‍රී ලාංකික කලාකරුවන් වන සරත් ගුණසිරි පෙරේරා, ටී.පී.ජී. අමරජීව, කේ.ඩී. ලක්ෂ්මන් සහ චමින්ද ගමගේ යන මහත්වරුන්ගේ නිර්මාණ මෙන්ම මාලදිවයින් කලාකරුවන් වන අෆ්සාල් ෂාෆියු, අහමඩ් අනිල්, අහමීඩ් අස්මී සහ හුසේන් අලි මනික් යන කලාකරුවන්ගේ නිර්මාණද ප්‍රදර්ශනය කෙරේ.

සැප්තැම්බර් 10 වැනිදා පැවති විවෘත කිරීමේ උත්සවයට මාලදිවයින් රජයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. ඒ අතර මාලදිවයින්-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායමේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අහමඩ් ෂමීර් සහ කලා, සංස්කෘතික හා උරුම රාජ්‍ය අමාත්‍ය මොහොමඩ් ඉක්රාම් යන මහත්වරුද වූහ.

රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයන්, ශ්‍රී ලාංකික සහ මාලදිවයින් කලාකරුවන්, මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයන් සහ කලා රසිකයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.

උත්සවය අමතමින් මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොහොමඩ් රිස්වි හසන් මහතා සඳහන් කළේ මෙම ප්‍රදර්ශනය සමකාලීන කලාව රසවිඳීමට ලැබෙන අවස්ථාවකට පමණක් සීමා නොවන බවයි.

එය ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර දිගුකාලීන සංස්කෘතික හා කලාත්මක සබඳතා සැමරීමක්ද වන බව මහ කොමසාරිස්වරයා පැවසීය.

කලාකරුවන්ට තම අදහස්, අත්දැකීම් සහ නිර්මාණාත්මක ප්‍රකාශන එකිනෙකා සමඟ බෙදාගැනීමට මෙම ප්‍රදර්ශනය වේදිකාවක් සලසා දෙන බවත්, කලාව හරහා දෙරටේ ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය තවද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *