කොළඹ බහු මහල් රථ ගාල් හතරක් ඉදි කිරීමට පියවර…

කොළඹ ඇතුළු රථවාහන බහුල ප්‍රදේශවලට දෛනිකව ඇතුළුවන වාහන හේතුවෙන් ඇතිවන මාර්ග තදබදය අවම කිරීම සඳහා කොළඹ නගරයේ මහල් 4කින් සමන්විත රථගාල් හතරක් ඉදිකිරීමට රජය තීරණය කර තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරිය මගින් සහ රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම සහයෝගය ඇතිව මෙම රථගාල් ඉදිකරනු ලැබේ.

ලංකාදීපයට අනුව බහු මහල් රථගාල් දෙකක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරනු ලබන අතර අනෙක් රථගාල් දෙක පෞද්ගලික අංශය විසින් ඉදිකරනු ලැබේ.

කොළඹ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඉදිරිපිට, පැරණි මාළු වෙළෙඳ පොළේ, සහ නාරාහේන්පිට ප්‍රදේශයේ රථගාල් ඉදිකිරීමට බලාපොරොත්තු වේ.

මේ අතර, පෞද්ගලික අංශය විසින් කොළඹ – 02 ප්‍රදේශයේ ඉදිකරන ලද පොදු රථගාල ජනතා අයිතියට පත් කිරීම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙම රථගාල ඉදිකර ඇත්තේ ඇක්සස් ඉංජිනියරින් නම් පුද්ගලික සමාගම විසිනි. මිලියන 1400 ක් වන අතර, රථගාලේ අයිතිය වසර 30 කට පසු UDA වෙත පැවරෙනු ඇත.

තට්ටු අටකින් සමන්විත මෙම රථගාලෙහි වාහන 300ක් ගාල් කිරීමේ හැකියාව ඇත. ගිවිසුමට අනුව, රථගාලේ මාසික ආදායමෙන් 20% UDA වෙත ලැබෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *