කොළඹ කොටුවේ ගොඩනැගිල්ලක් 200 ක පිරිසක් සමග හුදකලා කෙරේ

කොළඹ, කොටුව ප්‍රදේශයේ පිහිටි “ගෆුර්” ගොඩනැගිල්ල සහ එහි සිටි 200 කට ආසන්න ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් සම්පුර්ණයෙන්ම හුදකලා කර තිබේ. ඒ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියෙක් වාර්තා වීම හේතුවෙන්.

ඊයේ දිනයේදී සිදුකළ PCR පරීක්ෂණයකින් එම ගොඩනැගිල්ලේ රඳවා සිටි නාවික හමුදා භට පිරිසෙන් එක් සාමාජිකයෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවත්, ඒ අනුව එම ගොඩනැගිල්ලේ සිටි 200 කට ආසන්න නාවික හමුදා සාමාජිකයින් එහිදීම නිරෝධායනයට ලක් කිරිමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කර සිටී.

එම ගොඩනැගිල්ලේ රඳවා සිටියේ වැලිසර නාවික හමුදා කඳවුරට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට යොදා ගනු ලැබූ සාමාජිකයින් බවටයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *