කොහුවල ප්‍රදේශයේ නිවසක් තුළ තියුණු ආයුධයකින් පහර දී විදේශීය ජාතික කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 26 හැවිරිදි චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොල්ලුපිටිය අනගාරික ධර්මපාල මාවතේ පිහිටි හෝටලයකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගැනීමේදී ඔහු සතුව තිබී කැමරා තුනක් සහ ස්ඵටික මෙතම්ෆෙටමින් (අයිස්) මිලිග්‍රෑම් 280 ක් පොලිසිය විසින් සොයා ගෙන ඇත.
සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.


