කොවිඩ්-19 ආසාධිත ඝර්භණී කාන්තාවක් මිය යයි

කොවිඩ් -19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ගර්භණී කාන්තාවක් ඊයේ  ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ දි මියගොස් ඇති බව වාර්තා වේ.

සිය පළමු දරු උපත සඳහා සුදානම්ව සිටි 45 හැවිරිදි අදාළ කාන්තාව අකුරැස්ස විල්පිට පදිංචිකාරියක් වන අතර ඇය කොළඹ  ප්‍රදේශයේ රැකියාවේ නිරතව සිට ඇති බව වාර්තා වේ.

ඇය වෛරස ආසාදිතයෙක් බව අප්‍රේල් මස 21 වනදා හඳුනාගෙන ඇති අතර ප්‍රතිකාර සඳහා මුල්ලේරියාව රෝහල වෙත ඇතුළත් කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබුණි.

එම රෝහලේ සතියක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි ඇය ඊයේ මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළහ.

එම කාන්තාවගේ ස්වාමිපුර්ෂයාට ද වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන්ට වෛරසය ආසාදනය වු ආකාරය මෙතෙක් හඳුනාගෙන නොමැති බවද සෞඛ්‍ය  අංශ සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *