කොවිඩ් සමග ඇරඹූ ශ්‍රිපාද සමය.

රට පුරා පවතින කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් අවම පිරිසකගේ සහභාගිත්වයෙන් සහ සෞඛ්‍ය උපදෙස් අනුව මෙවර ශ්‍රී පාද වන්දනා කටයුතු සිදුකිරීමට තීරණය කරඇති බව වාර්තා වේ.

රට පුරා ඇති කොවිඩ් 19 තත්වය හේතුවෙන් ශ්‍රි පාද වන්දනා කටයුතු ආරම්භ කිරීමට යෙදෙන පා ගමනට අවම පිරිසක් එක්කරගෙන සිදු කිරීමට තීරණය කර ඇත ඒ අනුව දෙසැම්බර් 27 වනදා පස්වරුවේ යෙදෙන විශේෂ නැකතකට අනුව පැල්මඩුල්ල ශ්‍රී පාද රජමහා විහාරයේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව 28 වන දා උදෑසන ශ්‍රී පාදස්ථානය දක්වා මාර්ග 04ක් ඔස්සේ වැඩම කරවිමට නියමිත කර ඇත.

ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාද සහභාගීව පැවත්වූ සාකච්ඡාවේදී තීරණය කර ඇත්තේ කරඩු වැඩැම්ම වීම සඳහා එක් මාර්ගයකින් පුද්ගලයින් 50 දෙනෙකු බැගින් උපරිම පුද්ගලයින් 200 දෙනෙකු සහභාගී කරවීමටයි .

තවද මෙවර ශ්‍රිපාද වන්දනාවේ යෙදෙන සියලු බැතිමතුන් ඔවුන් අයත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ලියාපදිංචි වී ලියාපදිංචි සහතිකයක් ලබාගැනිම අනිවාර්ය බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ දන්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *