බස් ගාස්තු

කොවිඩ් බස් ගාස්තු ‘සියයට 50කින්’ වැඩි කරයි

බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය ලබන 09 දා සිට ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණය මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍යාරක්ෂක උපදෙස්වලට අවනත වෙමින් බස් ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

තවදුරටත් කරුණු දැක්වු අමාත්‍යවරයා එක් ආසනයකට එක් මගියකු පමණක් යන පදනම මත මගී ප්‍රවාහනයට කටයුතු යොදා ඇති බවත් ඒ අනුව, අය කරන බස් ගාස්තුව දැනට පවතින ගාස්තුවට වඩා සියයට 50කින් වැඩි කිරීමට සිදුවන බවත් පෙන්වා දෙනවා.

කඩා වැටී ඇති බස් කර්මාන්තය නගා සිටුවීම සඳහා මෙසේ ගාස්තු වැඩි කළ ද කොවිඩ් අවදානම බැහැර වී ඇතැයි රජය නිවේදනය කළ වහාම මේ වනවිට පවතින සාමාන්‍ය බස් ගාස්තු ක්‍රමය ක්‍රියාවට නංවන බව හෙතෙම පවසනවා.

කොවිඩ් අවදානම වසර දෙකක පමණ යන තුරු පවතිනු ඇති බවට සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙන පසුබිමක මෙම ගාස්තු වැඩි කිරීම නැවත අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි ස්ථිර කරුණක් බව බස් මගීන් පෙන්වාදෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *