Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට ඔස්ට්‍රෙිලියානු රජයෙන් රුපියල් මිලියන 952 ක් වටිනා අත්‍යාවශ්‍ය ශ්වසන උපකරණ පරිත්‍යාගයක්

කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට ඔස්ට්‍රෙිලියානු රජයෙන් රුපියල් මිලියන 952 ක් වටිනා අත්‍යාවශ්‍ය ශ්වසන උපකරණ පරිත්‍යාගයක්

මෙරට කොවිඩ් පාලන වැඩපිළිවෙල ශක්තිමත් කිරිම සදහා ඔස්ට්‍රෙිලියානු රජයේ මූල්‍ය දායකත්වය යටතේ යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ සම්බන්ධීකාරකත්වයෙන් ඔක්සිජන් සිලින්ඩර් ඇතුළු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කිරිම ඊයේ දින පෙරවරුවේ සිදු කර ඇත.

යුනිසෙෆ් සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත එමා බ්‍රිගේම් මහත්මිය (Ms.Emma Brigham) විසින් මෙම උපකරණ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත කොළඹ පිහිටි යුනිසෙෆ් සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ දී සංකේතාත්මකව පරිත්‍යාග කළ අතර, ඔස්ට්‍රෙිලියානු ශ්‍රී ලංකා මහකොමසාරිස් ඩේවිඩ් හොලි මහතා (Mr. David Holly) සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හැම්ඩි මහත්මිය (Ms.Hanaa Singer-Hamdy) මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රුපියල් මිලියන 952 වටිනාකමකින් යුත් ඔක්සිජන් සිලින්ඩර් 291 ක්, ඔක්සිජන් රෙගුයුලේටර් (oxygen regulators) 342 ක්, ඔක්සිජන් මුව ආවරණ 2,490 ක්, ගිණි නිවන උපකරණ (fire extinguishers) 20 ක් මෙහිදී පරිත්‍යාග කරන ලදි.

මෙම උපකරණ බස්නාහිර පළාත ප්‍රමුඛව කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සිදු කරන රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ලබාදීමට නියමිතය.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ මෙම පරිත්‍යාගය මෙරට කොවිඩ් – 19 ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සඳහා ඉවහල්වන බවත්, මෙම වෛද්‍ය උපකරණ පරිත්‍යාග කළ ඔස්ට්‍රෙිලියානු රජයට සහ එ‍ම රටේ ජනතාවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විශේෂ ස්තූතිය පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගන්නා බවයි.

මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාවට ලබාගැනීම සදහා සම්බන්ධීකරණ කටයුතු සිදු කළ යුනිසෙෆ් සංවිධානය වෙත ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය අවංක කෘතඥතාව පළ කරන බවත් සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී සදහන් කරන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය සහ යුනිසෙෆ් සංවිධානය නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *