කොවිඩ් අවදානම නිසා දඹදිව වන්දනා චාරිකා තවකාලිකව අත්හිටුවයි

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරස් ආසාදිත තත්ත්වය හේතුවෙන් දඹදිව වන්දනා චාරිකා සදහා පිටත් වීම් නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළ බව බුද්ධශාසන අමාත්‍යාංශය පවසයි. මීට හේතු වී ඇත්තේ ඉන්දියාව තුළද කොවිඩ් 19 වෛරස් රෝගීන් වාර්තා වී තිබීමයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා කළ ඉල්ලීමක් අනුව අග්‍රාමාත්‍ය වරයා වශයෙන් හා බුද්ධ ශාසන අමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා මෙම තීරණය ගත් බව බුද්ධ ශාසන අමාත්‍යාංශය වාර්තා කරයි’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *