Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ජනපතිතුමා නිරීක්ෂණය කරයි

කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ජනපතිතුමා නිරීක්ෂණය කරයි

සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් කර ඇත.

බ්‍රැන්ඩික්ස් ආයතනය ලබාදුන් ගොඩනැගිල්ලක ඉදිකෙරුණු ප්‍රතිකාර මධ්‍යස්ථානය වාට්ටු 03කින් සමන්විත වේ.

එක්වර ප්‍රතිකාර ලැබිය හැකි රෝගීන් සංඛ්‍යාව 1,200කි.

නවීන තාක්ෂණ මෙවලම් ඇතුළුව නේවාසික රෝගීන්ගේ මානසික ඒකාග්‍රතාව සුරැකෙන පහසුකම් රැසක් මධ්‍යස්ථානය සතුව පවතී.

යුද හමුදාව සහ යුද හමුදා සේවා වනිතා ඒකකය එක්ව දින 10ක් වැනි කෙටි කාලයකදී එහි ඉදිකිරීම් නිමකර තිබේ.

රණවිරු ඇපරල් කර්මාන්තශාලාවේ ආබාධිත රණවිරුවන් විසින් පැය 24ක් වැනි කෙටි කාලයකදී ඊට අවශ්‍ය ඇඳ ඇතිරිලි කට්ටල 2,000ක් මසා නිමකර ඇත.

ප්‍රායෝගිකව නිවෙස්වල ප්‍රතිකාර දිය නොහැකි, එහෙත් බරපතළ රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයන්ට මෙහිදී ප්‍රතිකාර කිරීමට නියමිතය.

එමගින් රෝහල්වල ඇතිවිය හැකි තදබදය වළක්වා ගැනීම සහ අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලයට වැඩි අවධානයක් යොමු කිරීමට අවස්ථාව සලසා දීම අපේක්ෂා කෙරේ.

මෙහි ප්‍රතිකාර කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය සහ යුද හමුදා වෛද්‍ය බලකාය එක්ව සිදු කරනු ඇත.

මේ අතර මෙරට PCR පරීක්ෂණාගාර සංඛ්‍යාව ඉහළ නැංවීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

කොවිඩ් -19 පාලනය කිරීමට අවශ්‍ය මුදල් සහන ලබාදීමට අමාත්‍ය මණ්ඩලය කටයුතු කර ඇති බැවින් කඩිනමින් PCR පරීක්ෂණාගාර වැඩි කිරීමට පියවර ගන්නා බව අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරිය සඳහන් කළාය.

දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ඉහළ යෑම හමුවේ දැනට පවතින PCR පරීක්ෂණාගාරවල ධාරිතාව වැඩි කිරීමට ද මේ වනවිට කටයුතු කර ඇති බව අමාත්‍යවරිය පැවසුවාය.

ඒ අනුව එම පරීක්ෂණාගාර පැය 24 පුරා ක්‍රියාත්මක කෙරේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *