Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

කොරෝනා ව්‍යාප්තිය මර්දනයට ජනපති අගමැති නියමයෙන් තීරණ රැසක්

කොරෝනා ව්‍යාප්තිය මර්දනයට ජනපති අගමැති නියමයෙන් තීරණ රැසක්

කොරෝනා වෛරසය (Covid – 19) පැතිරයාම වැළැක්වීමට ජනපති අගමැති නියමයෙන් තීරණ රැසක් ගෙන තිබේ.

වෛරසය පැතිරගිය රටවල් සලකන විට රෝග මර්දනය සඳහා කාර්ය සාධක බලකායක් ස්ථාපනය කළ රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටී. එම ප්‍රගතිය තවදුරටත් වර්ධනය කරමින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීමට සියලු පියවර උපරිමයෙන් ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්හ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් ඊයේ (13) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ උපදෙස් දෙනු ලැබීය.

වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය පැහැදිළි කළ ජනාධිපතිතුමා යුරෝපා රටවල් රැසක වෛරසය සීග්‍රයෙන් පැතිරයමින් පවතින බව කීය. ප්‍රංශය, ඉතාලිය ඇතුළු යුරෝපීය රාජ්‍යයන් කිහිපයක බෙහෙවින් බරපතල තත්ත්වයක් පවතී. ඒ පිළිබඳව කොරෝනා මර්දන බලකායේ අවධානය යොමු කළ ජනාධිපතිතුමා යුරෝපා ජාතිකයන්ට වීසා නිකුත් කිරීම දෙසතියකට අත්හිටුවන්නැයි නියම කළේය. යුරෝපා රටවල සිට එන ශ්‍රී ලාංකිකයන් ද දින 14ක කාලයක් නිරෝධායනය කිරීමට තීරණය කෙරිණ.

අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් දෙදෙනා ඇසුරු කළ පිරිස් හඳුනා ගැනීමට කළ පරීක්ෂණවල ප්‍රගතිය සහ ඔවුන් නිරෝධායනයට ගෙන ඇති පියවර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. ඔවුන් ආ ගිය තැන් හා ඇසුරු කළ අය ගැන ද අඛණ්ඩව විමර්ශන කොට ඔවුන් නිරෝධායනයට යොමු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට ජනයා විශාල වශයෙන් රැස්වන අවස්ථා සහ උත්සව හැකි උපරිමයෙන් සීමා කිරීමට තීරණය විය. කාර්ය සාධක බලකාය ස්ථිර කාර්යාලයක ස්ථාපනය කොට තොරතුරු රැස් කරමින් තීරණ ගන්නැයි ජනාධිපතිතුමා නියම කළේය. රෝග නීර්ණය සඳහා කෙරෙන පරීක්ෂණ වේගවත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහය ඇතිව පර්යේෂණ උපකරණ සපයා ගැනීමට ද පියවර ගත් බව ජනාධිපතිතුමා පැවසීය. ශ්‍රී ලංකාව රෝගය පැතිරයාම වැළැක්වීමට ගත් ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාමට සහාය වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වූ බව ද එතුමා කීය.

මුඛ ආවරණ ඕනෑම තැනකින් මිලදී ගැනීමට හැකිවන අයුරින් බෙදා හැරීම විධිමත් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය. පාලන මිලක් යටතේ ඕනෑම අයෙකුට මුඛ ආවරණ මිලදී ගැනීමට පහසුකම් සලසන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. දිනකට මුඛ ආවරණ එක්ලක්ෂ පනස් දහසක් නිෂ්පාදනය කළ හැකි ආයතන හඳුනාගෙන ඇති බව සාකච්ඡාවේදී සඳහන් කෙරිණ.

(14) සිට පොදු ප්‍රවාහන සේවයට යොදා ගන්නා බස් රථ සහ දුම්රිය විෂ බීජ හරණය කිරීමට ද තීරණය කෙරිණ. ඒ සඳහා ආරක්ෂක අංශ සහාය කර ගැනේ. චීනය මේ වන විට ඉතා සාර්ථකව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කර තිබේ. සමාජ චර්යාවන් සහ ක්‍රියාකාරකම් රෝග මර්දනයට ඉවහල් වන අයුරින් හැසිරවීමට චීනය ප්‍රමුඛත්වය දුන්නේය. එරට අනුගමනය කළ ක්‍රියාමාර්ග පුළුල්ව අධ්‍යයනය කරන ලෙස උපදෙස් දෙනු ලැබීය.

රාජ්‍ය ආයතනවලින් සැපයෙන සේවා පවත්වාගැනීම හා පාසල් සහ විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්යයන් අන්තර්ජාලය ඔස්සේ නිවසේ සිට සිදු කිරීම අත්හදා බැලීමට මෙය අවස්ථාවක් කරගත යුතුව ඇතැයි ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.

විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය රෝගය ගැන ජනතාව දැනුවත් කරනු මිස සමාජ ව්‍යාකූලත්වයක් ඇති නොවන ආකාරයෙන් ක්‍රියා කිරීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, සෞඛ්‍ය ලේකම් භද්‍රානී ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්ම මහත්මීහු සහ රාජ්‍ය ආයතන රැසක නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *