Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදයට චීනයේ අතහිත

කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදයට චීනයේ අතහිත

“ශ්‍රී ලංකාව චීනයේ සුවිශේෂ මිතුරෙක්. දෙරට අතර ඇත්තේ දිගු කාලීන අඛණ්ඩ සුහද සබඳතාවක්. මෑතක අප කොවිඩ්-19 ආපදාවට මුහුණ දුන් විට ඔබ අප සමග සිටියා. කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය සඳහා උපරිම සහාය දෙන්න චීනය සූදානම්”, ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හු වෙයි (Hu Wei) මහතා ඊයේ (29) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවේ පැවසීය.

ජනාධිපතිතුමා සමග සුහද සාකච්ඡාවක නිරත වූ වැඩබලන තානාපතිවරයා චීන කියමනක් උපුටා දක්වමින් “සැබෑ මිත්‍රත්වය සැපතේදීත්, විපතේදීත් එකට සිටීමයි” සඳහන් කළේය. ශ්‍රී ලංකාව තම රට අරබයා අනුගමනය කළ එකී පිළිවෙත ගැන තම රජයත්, ජනතාවත් කෘතඥවන බව ඔහු පැවසීය. එබැවින් ශ්‍රී ලංකාවේ අනාගත අභියෝග ජය ගැනීම සඳහා උපකාර කිරීම චීනයේ අපේක්ෂාව බව වෙයි මහතා අවධාරණය කළේය. පශ්චාත් කොරෝනා සමයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැගීමට චීන මධ්‍යම ආණ්ඩුවේ සහයෝගය මෙන්ම එරට ප්‍රධාන පෙළේ සමාගම් සහ බැංකුවල ද සහභාගීත්වය ලැබෙනු ඇතැයි හූ වෙයි මහතා සඳහන් කළේය.

රබර් – සහල් ගිවිසුම සමයේ සිට චීනය ශ්‍රී ලංකාවට දුන් සහයෝගය සිහිපත් කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ගැටුම පැවති අවධියේත්, ගැටුම නිමාවී ආර්ථික සංවර්ධනය ආරම්භ කළ විටත් චිනයෙන් ඉමහත් සහයෝගයක් ලැබිණැයි කීය.

කොවිඩ්-19 වසංගතය ගෝලීය ආර්ථිකයට මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද බෙහෙවින් හානිකර ප්‍රතිඵල උදාකර ඇතැයි පැවසූ ජනාධිපතිතුමා විදේශ විනිමය ආදායම් විශාල ලෙස පහත වැටීම ප්‍රධාන ගැටලුවක් බව පැවසීය.

ලෝක ආර්ථිකය අඩාලවීම නිසා ඇගළුම් කර්මාන්තයෙන් සහ සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ආදායම අහිමි වී ගොසිනි. ආර්ථික පසුබැසීම යථා තත්ත්වයට පත්වීමට තව කල් ගතවිය හැකිය. ශ්‍රී ලංකාව නිෂ්පාදන ආර්ථිකයක් මත පදනම් වූ නව සංවර්ධන මාදිලියක් අනුගමනය කිරීමට සැලසුම් කර ඇතැයි කී ජනාධිපතිතුමා එය සාර්ථක කර ගැනීමට මිතුරු රටවල උදව් අපේක්ෂා කරන බව පැවසීය.

“අපේ එකම අපේක්ෂාව ණය හෝ මූල්‍යාධාර ලබා ගැනීම නොවේ. නිෂ්පාදන වර්ධනයට දායක වන අයුරින් ආයෝජන ගෙන්වා ගැනීම ප්‍රධාන ඉලක්කයක්. කෘෂිකාර්මික නිෂ්පාදන සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය වැනි අංශ ගණනාවක විදේශ ආයෝජනයට හිතකර ඉඩ ප්‍රස්ථා බහුලයි. ඉන් ප්‍රයෝජන ගන්නා ලෙස චීනය ඇතුළු රටවලට ආරාධනා කරනවා”, ජනාධිපතිතුමා සඳහන් කළේය.

කොවිඩ් 19 ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය ගැන වැඩබලන චීන තානාපතිවරයා කළ විමසුමට පිළිතුරු දුන් ජනාධිපතිතුමා සමස්තයක් ලෙස ගත් කළ රෝග ව්‍යාප්තිය පාලනය වී ඇතැයි පැවසීය. ගත වූ දෙතුන් දින තුළ රෝගීන් සංඛ්‍යාවේ හදිසි වැඩිවීමට හේතු පැහැදිළි කළ එතුමා ඉන් පාඩම් උගෙන නිසි පිළියම් යෙදීමට පියවර ගත් බව සඳහන් කළේය.

“ජනාධිපතිතුමනි අප ඔබ සමගයි” වැඩබලන චීන තානාපතිවරයා සුහද කථා බහ අවසානයේ දී පැවසීය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශයේ ප්‍රධානි ලූඕ මහතා ද සාකච්ඡාවට එක්ව සිටියහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *