කොට්ටාව වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව CCTV නිකුත් වෙයි

කොට්ටාව, පිළියන්ද්ල පාරේ වෛද්‍ය රසායනාගාරයක් තුළ ඊයේ (21) වාර්තා වූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ CCTV දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

අද අලුයම වෛද්‍ය රසායනාගාරය තුළදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකුගේ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් වෛද්‍ය රසායනාගාරයට ඇතුළු වී වෙඩි තබා ඝාතනය කර ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෛද්‍ය රසායනාගාරයේ සේවකයෙකු වන මෙම පුද්ගලයා රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් ඇත.

වෙඩි තැබීම සඳහා පිස්තෝලයක් භාවිත කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. වෙඩි තැබීම සම්බන්ධයෙන් කොට්ටාව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *