Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

කෙහෙළියගේ සමයේ සිදු වූ බව පැවසෙන ඖෂධ වංචාවක් ගැන හෙළිදරව්වක්

කෙහෙළියගේ සමයේ සිදු වූ බව පැවසෙන ඖෂධ වංචාවක් ගැන හෙළිදරව්වක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සමයේ සිදුවූ තවත් ඖෂධ වංචාවක් සම්බන්ධයෙන් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අනාවරණයක් කළේය.

එහිදී අදහස් දැක්වූ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසුවේ, තවත් තත්ත්වයෙන් බාල ඖෂධ 38කට ආසන්න ප්‍රමාණයක් ගුණාත්මක බව පරීක්ෂා නොකොට ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කරමින් මෙරටට ගෙනවිත් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ රඳවා තිබෙන බවයි.

“මේ වන විට කරුණු අනාවරණය වෙනවා තවත් තත්ත්වයෙන් බාල ඖෂධ 38කට ආසන්න ප්‍රමාණයක් නිසි පරිදි ගුණාත්මක බව පරීක්ෂා නොකර ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කරමින් ලංකාවට ගෙනවිත් ඒවා කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ රඳවා තිබෙනවා. අදාළ ටෙන්ඩරය ලබාදීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව. මේ කැබිනට් පත්‍රිකාවෙන් පැහැදිලිවම ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ මූලික කොන්දේසි උල්ලංඝනය කරනවා. ඒ කියන්නේ ඔහු ඉල්ලා සිටිනවා ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ ලැබෙන අරමුදල් සහ නැතිනම් වෙනත් ක්‍රමයක් භාවිතා කරමින් මේ සමාගමට ඖෂධ 38ක් ගෙන ඒම සඳහා අවසර ලබා දෙන්න කියලා. පසුගිය අවුරුද්දේ නොවැම්බර් 30 වනදා එවකට වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඒ.ටී. සුදර්ශන ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂ විජිත් ගුණසේකරට ලිපියක් ලියනවා මේ සමාගම සඳහා අදාළ ඖෂධ 38 නිදහස් කර ගැනීමට අවශ්‍ය ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය ලබාදෙන්න කියලා. දැන් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට මතක් කරලා දෙන්න කැමති මේ ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් පිලිකා ඖෂධ ගනුදෙනුවේ දී මේ සමාගම්වලින් ඖෂධ ගෙන්වීමට මේ ඉදිරිපත් කරන කැබිනට් පත්‍රකාවට අනුමැතිය ලබා නොදුන්න බව ඔබට මතකදැයි මම අහනවා”

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *