කෙටි දුර දුම්රිය ගමන් වාර 30ක් අත්හිටුවයි.

කෙටි දුර දුම්රිය ගමන්වාර 30ක් 2023 ජනවාරි 16 සඳුදා සිට අත්හිටුවන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළේය.

වියදම් අවම කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍ය ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්වාර 18ක් ද, කැලණිවැලි සහ පුත්තලම දුම්රිය මාර්ගයේ 02 බැගින්ද, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 08ක් ද මෙලෙස අත්හිටුවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

අත්හිටුවන කෙටි දුර දුම්රිය ගමන්වාර මෙසේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *