කුරුණෑගල හිටපු නගරාධිපතිවරයාට චෝදනා 11ක් යටතේ නඩු…

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණගේ මහතාට එල්ල වී ඇති චෝදනා 18න් චෝදනා 11කට ඔහු වැරදිකරු වී තිබේ.

තුෂාර සංජීව මහතා කුරුණෑගල නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා විසින් පත් කරන ලද කොමිසම විසින් ඔහු වරදකරු කරනු ලැබීය.

මව්බිමට අනුව 2022 දෙසැම්බර් 31 දින සිට බලපැවැත්වෙන පරිදි තුෂාර සංජීව විතාරණගේ කුරුණෑගල නගරාධිපති ධූරයෙන් ඉවත් කළ යුතු බවට කමිටුව තීන්දු කර ඇත.

කොමිසමේ උපදෙස් පරිදි වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ විසින් මෙම තීරණය ප්‍රකාශයට පත් කරමින් මෙම සතියේ (08) ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.

2022 දෙසැම්බර් මාසයේදී හිටපු මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කොමිසමක් මගින් තුෂාර සංජීව විතාරණගේ මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *