ක්‍රියාකාරිනී නිර්මන්ලි ලියනගේ අභාවප්‍රාප්ත වෙයි.

තරුණ ක්‍රියාකාරිනී නිර්මන්ලි ලියනගේ අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකදී ඇය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

නිර්මන්ලි ලියනගේ කම්පන සහගත ලෙස අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු තිස් ගණන්වල මැද භාගයේ පසුවිය.

ඇය ඊයේ සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ පුරවැසි සංවාදයකට ද සහභාගී වී තිබුණා

නිර්මන්ලි ලියනගේ ඓතිහාසික ගොටගොගම විරෝධතා භූමියේ පුරවැසි සංසදය පිහිටුවීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ අතර මේ වසර මුලදී පුරවැසියන් ඔවුන්ගේ අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන් පිළිබඳව දැනුවත් කිරීමට වෙහෙස නොබලා කටයුතු කළේය.

තරුණ දක්‍ෂ ක්‍රියාකාරිකයකුගේ හදිසි වියෝව පිළිබඳ ශෝකය පළ කරමින් ක්‍රියාකාරීන් රැසක් සමාජ මාධ්‍යවල පළ කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *