පොළොන්නරුවේ කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඊයේ (03) පස්වරුවේ රැඳවියන් සිව් දෙනෙකු පැන ගොස් ඇති බව වාර්තා වේ.
පැන ගිය පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය, හමුදා නිලධාරීන් සමඟ එක්ව ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.


