ඖෂධ මිල අඩු කිරීමක් ගැන සෞඛ්‍ය ඇමති ඉඟි කරයි.

ඉදිරි සතිය තුළ ඖෂධ මිල 10-15% කින් අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.
අමෙරිකානු ඩොලර් මිල පහත වැටීමට සමගාමීව ඖෂධ මිල අඩු කිරීමට පියවර ගනිමින් සිටින බව අමාත්‍ය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගිණුම් දෙපාර්තමේන්තුව අතර සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
