එල් නිනෝ බලපෑමට මුහුණ දීමට කාර්ය සාධක බලකායක් පිහිටුවන්නැයි සජිත්ගෙන් ඉල්ලීමක්

ඉදිරියේදී ඇතිවිය හැකි එල් නිනෝ (El Niño) කාලගුණික සංසිද්ධියේ බලපෑම්වලට මුහුණ දීම සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ඉල්ලා සිටියේය.

තම කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, එම කාර්ය සාධක බලකායේ ප්‍රධානත්වය ජනාධිපතිවරයාට දැරිය හැකි බවත්, ඒ හරහා අදාළ සියලු ආයතන සම්බන්ධීකරණය කරමින් ඇතිවිය හැකි ස්වභාවික ආපදා තත්ත්වයකට සූදානම් විය හැකි බවත්ය.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, කාලගුණික වෙනස්කම් හේතුවෙන් ඇතිවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා පූර්ව සූදානම් වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *