dasun Shanaka

එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියට දසුන් ශානක යළි කැඳවීමට සූදානම්?

එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා එක්දින සංචිතයට හිටපු නායක දසුන් ශානක යළි කැඳවීමට ඉඩ ඇති බව වාර්තා වේ.

ලබන වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ අවසන් අදියරේදී වේගයෙන් ලකුණු රැස් කිරීමේ හැකියාව ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, ශානක යළි එක්දින කණ්ඩායමට එක්වීමට නියමිත බව සඳහන් වේ.

මේ අතර, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් චරිත් අසලංක ද ශ්‍රී ලංකා විස්සයි20 ජාත්‍යන්තර සංචිතයට යළි කැඳවීමට ඉඩ ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *