Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

උසස් පෙළ දෙමළ මාධ්‍ය ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම ඇරඹේ.

උසස් පෙළ දෙමළ මාධ්‍ය ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම ඇරඹේ.

උසස් පෙළ දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍රවල මූලික ලකුණු කිරීම අද (21) ආරම්භ වූ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව විෂයන් කිහිපයක් සම්බන්ධයෙන් පාලන පිළිතුරු පත්‍ර ලකුණු කිරීමේ ක්‍රියා පටිපාටිය තහවුරු කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.

විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර සඳහන් කළේ ය

හින්දු ආගම, ක්‍රිස්තියානි ධර්මය, හින්දු ශිෂ්ටාචාරය, භාරත නැටුම්, පෙරදිග සංගීතය, කර්නාටක සංගීතය, බටහිර සංගීතය, චිත්‍ර, නාට්‍ය සහ රංග කලාව සහ හින්දි යන විෂයයන් සම්බන්ධයෙන් කඩදාසි සලකුණු කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

යාපනය, කොළඹ, මඩකලපුව, ගම්පහ, කළුතර සහ කුරණෑගල යන නගරවල පිහිටි පිළිතුරු පත්‍ර ලකුණු කිරීමේ මධ්‍යස්ථානවලදී එම කටයුතු සිදු කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

සිංහල, ඉංග්‍රීසි මාධ්‍ය ඇතුළු අනෙකුත් විෂයන්ට අදාළව පිළිතුරු පත්‍ර ලකුණු කිරීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා ප්‍රමාණවත් අයදුම්පත් ලැබී ඇති බවත්, එම කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *