ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හි මහානායක හිමිවරුන් බැහැදැක, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා උන්වහන්සේලාගේ ආශිර්වාදය ලබාගෙන තිබේ.
සිය සමාජ මාධ්‍ය සටහනක් මගින් මහ කොමසාරිස්වරයා සඳහන් කර ඇත්තේ මහානායක හිමිවරුන් බැහැදැක ගෞරවය පළ කළ අතර, දෙරට අතර පවතින සහෝදරත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා උන්වහන්සේලාගේ ආශිර්වාදය ලබාගත් බවයි.
සුළි කුණාටුවෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දියාව ලබාදෙන අඛණ්ඩ සහාය පිළිබඳවද මහ කොමසාරිස්වරයා ජ්‍යෙෂ්ඨ බෞද්ධ මහානායක හිමිවරුන් දැනුවත් කර තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාවට සැලකිය යුතු ප්රතිලාභ ලබාදීමට අපේක්ෂා කරන දෙරට අතර ක්‍රියාත්මක වෙමින් පවතින සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ද්විපාර්ශ්වික ව්‍යාපෘති කිහිපයක් පිළිබඳවද උන්වහන්සේලා දැනුවත් කළ බව සන්තෝෂ් ජා මහතා සඳහන් කර ඇත.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මේ වනවිට රට පුරා සංවර්ධන සහ යටිතල පහසුකම් ව්‍යාපෘති රැසක් සම්බන්ධයෙන් අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරමින් සිටී.


