No tsunami threat to Sri Lanka from Indonesia earthquake: Tsunami Centre

ඉන්දුනීසියාවේ භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට සුනාමි තර්ජනයක් නොමැති බව සුනාමි මධ්‍යස්ථානය පවසයි.

ඉන්දුනීසියාවේ Tanimbar Islands කලාපයේ ඇති වූ රික්ටර් මාපක 7.9 ක භූ කම්පනය ශ්‍රී ලංකාවට තර්ජනයක් නොවන බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය (NTEWC) පවසයි.

මේ වන විට ශ්‍රී ලංකාවට කිසිදු තර්ජනයක් නොමැති බවයි ඔවුන් කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ ආරක්ෂිත බව ප්‍රකාශ කර ඇත.

අදාළ ජාතික හා ජාත්‍යන්තර නියෝජිතායතන සමඟ සාකච්ඡා කර මෙම පණිවිඩය ප්‍රකාශයට පත් කරන බව මහජනතාවට වැඩිදුරටත් දැනුම් දෙනු ලැබේ.

ඉන්දුනීසියාවේ Tanimbar ප්‍රදේශයේ භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය (EMSC) පැවසුවේ භූමිකම්පාව පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 97 ක් (සැතපුම් 60.27) ගැඹුරින් ඇති වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *