LK reports news sinhala

ඉදිරි පැය 72 නාටක ගැන විජිත හේරත් කියයි

ජනාධිපතිවරණයයේ ප්‍රචාරණය නැවැත්වීම සඳහා ඉතිරිව ඇති පැය 72 ක කාලය තුළ විවිධ ජවනිකාවන් රඟ දැක්වීම,කතා පැතිරවීම, මෙන්ම පපුවේ අමාරුව සෑදීම වැනි ජනතාව නොසිතන සිදුවීම් රැසක් සැලසුම් සහගතව ක්‍රියාත්මක වීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

එවැනි ව්‍යාජ රඟපෑම් වලට ජනතාව නොරැවටෙන ලෙසද ඔහු එහිදි ඉල්ලා සිටියේය.

ඒ මහතා අද (12) දඹුල්ල ප්‍රදේශයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව අනාවරණය කළේය.

විවිධ කණ්ඩායම් බුද්ධි අංශ වාර්තා සහ විශ්වවිද්‍යාල සිසුන්ගේ වාර්තා බව පවසමින් ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය බව ප්‍රකාශ කරමින් ව්‍යාජ තොරතුරු මුදා හරිමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

මෙම සමීක්ෂණ වාර්තා හෝ සිද්ධීන් රඟදැක්වීම් සහ බොරු ප්‍රචාරවලට ජනතාව නතුකර ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරතවන කණ්ඩායම් සිටින නිසා ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව හෙතෙම මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

එක් පාර්ශවයක් යුද්ධය අවසන් වී තිබිය දී නැවතත් ව්‍යාජ බියක් පතුරුවා හරිමින් යුද්ධය අලෙවි කිරීම සිදු කරන බවත් එමෙන්ම පාස්කු ප්‍රහාරය තුළ රට අනාරක්ෂිත බව පෙන්වමින් ජනතාව ළඟට ගොස් ඡන්දය යදින බවත් තවත් පිරිසක් ගෝඨා බිල්ලෙක් බව මවා පාමින් මහබැංකු කොල්ලයට වසන්වී ඡන්දය අයදින බවත් මෙම පාර්ශව දෙකම ප්‍රතික්ෂේප කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විජිත හේරත් මහතා මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කළේය.

ජාතිවාදය පොරොන්දු දේශපාලනය පරදවා ප්‍රතිපත්ති දේශපාලනයකට ජනතාව යා යුතු බවත් මෙරට නීතිය කඩා වැටීමෙන් බරපතළ ප්‍රශ්නයක් මතුව තිබෙන බවත් එහි ආසන්නම සිදුවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ස්ත්‍රී දූෂණ අපරාධකාරයෙකුට හදිසියේ පොදු සමාව ලබාදීම බවත් මෙරට ස්ත්‍රී දූෂණ අපරාධ මත්කුඩු වලට විරුද්ධව ජනමතයක් ගොඩ නැගෙමින් පවතින අවස්ථාවක ජනාධිපතිවරයා තම ධුර කාලය අවසාන වීමට දින කිහිපයක් තිබියදී ස්ත්‍රී දූෂකයන්ට පොදු සමාව ලබාදීම මුළු ලෝකයම මවිත කරන තීන්දුවක් තීරණයක් බවට පත් වූ බවද ඔහු කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *